ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3435ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒත් සමග රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 39301ක් දක්වා ඉහළ ගොස් තිබේ. රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය සලකා බැලීමේදී මෙම සංඛ්‍යාව ඉන් අඩක් පමණ වේ.
එසේම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 354,968ක් දක්වා ඉහළ ගොස් ඇත.
(LNW)