LTTE සංවිධානයේ සංඥා අංශයේ හිටපු නායකයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශය නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.
සැකකරු කලවංචිකුඩි ප්‍රදේශයේ මාර්ග බාධකයේදී අණ නොතකා පලාගොස් ඇති අතර පසුව ඔහු හඹාගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
ඔහු කංචිකුඩිආරු ප්‍රදේශයේ පිහිටි කඳවුරක කන්නර් රාම් LTTE සංවිධාන නායකයෙකු යටතේ ආල්වාන් නැමති නාමයෙන් බැදී සිටි ඇති අතර පසුව ඛ ඔ ඔ ෑ සංවිධානයෙන් ඉවත් වී තිබෙනවා.
(Neth)