Monday, September 22, 2025
Follow Us
පි සි ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් වැඩි මිලට

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද ඇතැම් ආයතන එහි නියමන්ගෙන් රිංගා යාමෙන් ජනතාවගෙන් වැඩි මිලක් අය කරන බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

රුපියල් 2,000 ක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තුව ගැසට් කර තිබුණද ඇතැම් ආයතන මගින් ඒ සඳහා රුපියල් 2,500 ක් අය කරන බවටයි වාර්තා වුණේ. වැඩිපුර අය කරන රුපියල් 500 උපකරණ වෙනුවෙන් යැයි වෙනම බිල්පතක් නිකුත් කරන බව ද නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

PCR පරීක්ෂණයකදී උපකරණ වෙනුවෙන් යැයි රුපියල් 1,000 වෙනම අය කරන බවයි එහිදී හෙළි වුණේ.

PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිල නියම කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේවනවිට නිකුත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලික අංශය විසින් සිදුකරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 6,500ක්. ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2,000 ක් වනවා.

මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් කටයුතු කරන ස්ථාන පිළිබඳ තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ.

(Neth)