දිනක් තළ මෙරටින් වාර්තා වන ආසාදිතයින්ට වඩා පස් ගුණයකට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. ඔවුන්ගේ අනුමානයන්ට අනුව කිසිඳු පරීක්ෂණයකින් අනාවරණය නොවූව ද දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 30,000 කට ආසන්නයි.
මෙය කිසිසේත්ම සුළුපටු තත්ත්වයක් නොවන බවයි කොරෝනා වෛරස් ප්‍රභේදයන් පිළිබඳ නිරන්තර පරීක්ෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත පැවසුවේ.
මෙරට ජනතාවගෙන් තවමත් සැලකිය යුතු පිරිසකට එන්නත් මාත්‍රා 02 ම ලැබී නොමැති වීම, තත්ත්වය තවත් තීරණාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.
රෝහල් ධාරිතාව වැඩිවීම සහ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යාම සම්බන්ධයෙන් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත මෙලෙස පැහැදිළි කළා.
රට තුළ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලබන සතියේ ද විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.
(Neth)