Monday, September 22, 2025
Follow Us
ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්

මෙරටදී කොවිඩ් රැපිඩ් පී සී ආර් පරීක්‍ෂණ සිදුකිරීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් දිවයිනට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණෙන විට එරට බලධාරීන් මෙවැනි පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව සදහන් නොකළ බවයි දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පවසන්නේ.

උද්ගත වූ තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි තමන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැසක් පීඩාවට පත්ව සිටින බවයි ජනක සම්පත් වීරකෝන් නෙත් නිවුස් වෙත සදහන් කළේ.

මෙම පරීක්‍ෂණය ශ්‍රී ලංකාව තුළ සිදුනොකිරීම හේතුවෙන් ඩුබායිහි සිය රැකියාද අවදානමකට ලක්ව ඇති බවයි ඔහු සදහන් කළේ.

(Neth)