Saturday, February 07, 2026
Follow Us
ගුරු – විදුහල්පති විරෝධතා පා ගමන නවතී

මහනුවරින් ඇරඹි විරෝධතාව පස්යාලෙන් නවතයි


වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාක්මත කළ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

එම වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන අද (07) පස්යාල ප්‍රදේශයේ දී අත්හිටුවීමට තීරණය කර තිබේ.

කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශවවල ඉල්ලීම් මත එම තීරණය ගත් බව පුජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේය.

(Aruna)