Saturday, February 07, 2026
Follow Us
දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට. ඊයේ 2,674ක්. සමස්තය 320,000 ඉක්මවයි

ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2674ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් 2669 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 05 දෙනෙකු වශයෙනි.

ඒත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 321,429ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සති දෙකක කාලය තුළ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවෙහි ඉහළ යෑම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ නිල වෙබ් අඩවියෙහි ඇති ප්‍රස්තාරයකින් දැක්වෙන්නේ පහත ආකාරයෙනි.

image 6ee8cbbacc

(LNW)