බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයකට ලඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රකාශ කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මේ බව දැනුම් දී තිබෙනවා.
මේ වන විට රෝහල්වල ඇති දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි පවතින පසුබිමක දැඩි ලෙස ගිලන්ව සිටින කොවිඩ් ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර ලබාදීමට සුදුසු වෛද්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
මේ අතර දැනට සිඝ්‍රයෙන් කොවිඩ් වෛරස ව්‍යාප්තියට හේතුව ලෙස ඩෙල්ටා ප්‍රභේදය හේතුව වී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර සිටින්නේ.
දැනට බස්නාහිර පළාත තුල සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඉතා කෙටි කලක් තුලදී දිවයිනේ සෙසු පළාත් තුල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
මහජන ඒකාරාශිවීම් අවම කිරීම, නිසි ලෙස මුව ආවරණ පැළඳීම, විෂබීජ නාශක දියර මගින් අත් පිරිසිදු කර ගැනීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි කරුණු මගින් පමණක් වෛරස ව්‍යාප්තිය අවම කර ගත හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ.
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරිම, සමාජීය උත්සව, විනෝදාස්වාද ස්ථාන විවෘත කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, ආගමික ස්ථාන විවෘත කිරිම සහ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම වැනි කටයුතු සඳහා පනවා තිබු සීමා ලිහිල් කිරිමට ඉඩ දීම තුලින් වත්මන් කොවිඩ් ව්‍යාප්තියට මුලික හේතුව වී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර සිටියි.
වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමට යාමේදී ආසාදිතයින් බවට පත්වීමේ අවස්ථා වාර්තා වන බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණය ද කඩා වැටීමේ අවදානමක් ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
දැනට පවතින තත්ත්වය පාලනය කිරීම මෙන්ම සෞඛ්‍ය අංශවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසි පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනාධිපතිතුමාගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
(Neth)