Saturday, February 07, 2026
Follow Us
ගුරු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැති විරෝධාතාවයේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, එම පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විරෝධතාවය අතරතුරදී පොලිස් භාරයට ගැනුණු රථවාහන කිහිපයක් ද එහිදී මුදා හැර තිබෙනවා.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් පැමිණ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක නිරත වුණා. එහිදී විරෝධතාවය සඳහා එක්ව සිටි 44 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණේ මහාමාර්ගය අවහිර කිරීම, නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයින් වීම සහ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම ආදී චෝදනා යටතේයි. අනතුරුවයි ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

(Neth)