Wednesday, April 24, 2024
Follow Us
ඩෙංගු අවදානම ගැන යළි සිහි කැඳවීම්

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු රෝගය පිළිබඳ ජනතාව තුළ තිබූ අවදානය ගිලිහුනාදැයි සැකයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ, මේවනවිට දිගින් දිගටම ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් නෙත් නිවුස් වෙත කියා සිටියේ කොවිඩ් රෝගය මෙන්ම ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ද ජනතාව අනිවාර්යයෙන් දැඩි අවදානයකින් යුතුව කළ යුතු සමයක් මේවනවිට උදාවී ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ මේවනවිට මෙරට තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම සංසරණය වන බවයි. මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 16,497 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 70 ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

(Neth)