Tuesday, April 16, 2024
Follow Us
කොවිඩ් මරණ 4,380 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 56 වාර්තා වෙයි


තවත් කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) දින තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 56න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

සෙසු පුද්ගලයින් 41දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.

(Aruna)