Saturday, February 07, 2026
Follow Us
බේරුවල එන්නත් කිරීම තාවකාලිකව නතර ‌කෙරේ

නොවළැක්විය හැකි හේතුවක් නිසා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඊයේ (29 වෙනිදා) සිට දින පහක් යනතුරු කිසිදු ආකාරයක කොවිඩ් ප්‍රතිදේහජනක එන්නත් කිරීමක් සිදුනොකරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.


මීට ආසන්නතම හේතුව කුමක්දැයි සඳහන් නොකළද බේරුවල ප්‍රදේශයෙන් දෛනිකව හමුවන ආසාදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග හඳුනා නොගත් ආසාදිතයින් සමාජය තුළ වැඩි වශයෙන් සිටිය හැකිවීම යන සාධකය මෙම තීරණයට හේතුවන්නට ඇතැයි බොහෝ දෙනකුගේ අදහසයි.

(Aruna)