Thursday, April 25, 2024
Follow Us
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ මහතා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවැනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබාගෙන සිටි අයෙකි.

මතුවූ සුළු රෝග ලක්ෂණ කිහිපයක් නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේදීම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවී ඇති ඒ මහතා කොවිඩ් ආසාදිතයකු වශයෙන් එහිදී හඳුනාගෙන ඇති අතර මේ වනවිට නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

(LNW)