Saturday, February 07, 2026
Follow Us
නිමාලි ලියනාරච්චි අද ඔලිම්පික් තරග බිමට

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසෙනවා. ඇය සහභාගී වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 7 යි 19 ට ආරම්භ වීමට නියමිතයි.

ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබෙනවා. ඒ, රන් පදක්කම් 15 ක්ද සමගයි. ජපානය දෙවන ස්ථානයේත්, අමෙරිකාව තුන්වන ස්ථානයේත් පසුවනවා.

(NEth)