Friday, March 27, 2026
Follow Us
විසදුම් නොලැබුනොත් සදුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි වෙයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් අගෝස්තු 2 වැනිදා සිට දැනට සිදුකරන වෘත්තිය ක‍්‍රියාමාර්ග දැඩි කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවේදි නිසි විසදුමක් නොලැබුන බවයි.

කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති ගැටලූ විසදීම සදහා අනු කමිටුවක් පත් කර ඇති බවත්, ඔවුන් සමග සාකච්ඡා කරන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලා ඇතත් එවැනි කමිටුවක් පිළිබදව කිසිවකුත් නොදන්නා බව ඔහු පැවසීය.

(Aruna)