Saturday, February 07, 2026
Follow Us
දෙමසකට පමණ පසු දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1940ක් දක්වා යළි ඉහළට !

ඊයේ (28) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1940ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1919 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 21 දෙනෙකු වශයෙනි.

මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 1900 සීමාව ඉක්මවා ගියේ මාස දෙකකට පමණ පසුවය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින හෙයින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග දැඩිව පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

(LNW)