Saturday, February 07, 2026
Follow Us
මෙහෙකාර සේවයේ යොදවන ළමුන් ගැන දැනුම්දෙන්න පොලීසියෙන් දුරකතන අංකයක්

ළමා මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

011 2 433 333 එම දුරකතන අංකයයි. එම අංකය නැවතත් 011 2 433 333.

මේ අතර ළමුන් මෙහෙකාර සේවයේ යොදවා සිටින බස්නාහිර පළාතේ ස්ථාන සොයා පොලීසිය ඊයේ සිට මෙහෙයුම් ආරම්භ කළා.

ඒ යටතේ මෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්ථාන 30 ක් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

(NEth)