Saturday, April 27, 2024
Follow Us
ලොව විශාලතම ආරුනුල් මැණික් පොකුර ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර මෙරට ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර සිටිනවා. කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.

ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී මෙය කුරුවින්ද කුලයට අයත් ආරුනුල් මැණික් පොකුරක් ලෙසට හඳුනා ගත් බවයි.

රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවස පිහිටි ගෙවත්තේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් හාරමින් සිටියදී මෙම මැණික් පොකුර සොයා ගෙන ඇත.

විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි සැලකෙන්නේ.

(Neth)