Friday, March 27, 2026
Follow Us
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අද දිවයිනට

චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ සිරින්ජර් ලක්ෂ 16 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. එම එන්නත් සහ සිරින්ජර් තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 ක් මගින්.

මෙම එන්නත් සහ සිරින්ජරු තොගය භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ. එම එන්නත් තොගය චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ විශාලතම එන්නත් තොගය වනවා.

(Neth)