Friday, April 26, 2024
Follow Us
මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

මුඛ පිළිකා වැඩිම රටවල් අතර ලංකාවට දෙවැනි තැන


ලෝක හිස සහ ගෙළ ආශ්‍රිත පිළිකා දිනය අදට (27) යෙදී තිබේ.

මෙරට පසුගිය වසර 20 තුළ මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

මුඛ පිළිකා වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර 2 වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ජාතික පිළිකා මර්ධන ඒකකය පවසයි.

මීට ප්‍රධාන හේතුව පුවක්, දුම්කොළ සහ දුම්වැටි භාවිතය ලෙස හඳුනාගෙන ඇති බවද එම ඒකකය සඳහන් කරයි.

පිරිමි පුද්ගලයින් අතර මුඛ පිළිකා බහුල වන බවත් කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට මෙම මුඛ පිළිකා රෝග තත්ත්වය අයත් බවද එම ඒකකය පෙන්වා දෙයි.

2019 වසරේ දී නව මුඛ පිළිකා රෝගීන් 2,700ක් පමණ වාර්තා වී ඇති අතර දෛනිකව මුඛ පිළිකා ආශ්‍රිත මරණ දෙකක් හෝ තුනක් සිදුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරයි.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ පසුවන අතර අවසන් අවදියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසු ජීවත්වීමේ හැකියාව ද අඩුවන බව එම ඒකකය සඳහන් කරයි.

මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන්, ප්‍රතිකාර කිරීම මගින් රෝගය උත්සන්නවීම වළක්වා ගත හැකි බවද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

(Aruna)