Monday, September 22, 2025
Follow Us
උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

උපේක්ෂාගේ රියේ ගැටුණු තරුණයා රෝහලට


රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තම මෝටර් රථයෙන් 24 දින රාත්‍රී 11 ට පමණ මහනුවර සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටියදී නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දීම පොලිසිය විසින් ඇය බීමතින් ඇත්දැයි පරීක්ෂා කර ඇති අතර එහිදී ඇය බීමතින් නොසිටි බව හෙළි වී ඇත.

අත්අඩංගුවට සැකකාරිය අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි

(Aruna)