Sunday, September 21, 2025
Follow Us
හිඟ වූ ඇස්ට්‍රාසෙනිකා සොයා ගනී

ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 14ක් ජූලි අවසානයට පෙර


දෙවෙනි මාත්‍රාව සඳහා හිඟ වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය සොයාගෙන අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මාත්‍රා ලක්ෂ 14කින් යුතු එම එන්නත් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ලැබෙනු ඇති බව ඒ මහතා පැවසීය.
මෙරට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව නවලක්ෂ විසි පන් දහස් දෙසිය හතළිස් දෙකකි.
එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම ඉකුත් ජනවාරි මාසයේදී ආරම්භ කෙරුණු අතර අප්‍රේල් මාසයේදී ඒ කටයුතු අවසන් කෙරිණ .ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව මේ දක්වා ලබාදී ඇත්තේ තුන්ලක්ෂ අසූ පන් දහස් අටසිය අසූ පහකට පමණි.
මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා 90,000ක් සහ සයිනොපාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 16ක් ලබන සඳුදා (26) මෙරටට ලැබීමට නියමිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාවැඩිදුරටත් පැවසීය.

(Aruna)