Friday, February 06, 2026
Follow Us
කොළඹ ධීවරයින්ට වන්දි ගෙවීම් ඇරඹෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදියර අද (23) ආරම්භ කෙරිණි.


ඒ අනුව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර රැකියාව කර ගැනීමට නොහැකි ගැටළුවලට මුහුණදී සිටින ධීවරයින් වෙනුවෙන් මෙම වන්දි මුදල් ලබාදීම සිදුකර ඇත.

කොරලවැල්ල දකුණ ප්‍රදේශයේ පදිංචි ධීවරයින් විසිඑක්දෙනෙකුට මෙලෙස ධීවර වන්දි ප්‍රදානය කර තිබේ.

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන්දි මුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් ලබා ඇති ධීවරයින් සංඛ්‍යාව 1171කි.

(Aruna)