හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ පුලනිතලාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසනවා.
මෙකී විහාරස්ථානයේ නායක හිමියන්ට පළමුව කොව්ඩ් වෛරසය ආසාදනය වී තිබු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා.
ඉන්පසු උන්වහන්සේගේ පළමුපෙළ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඒ අනුව තවත් හිමිවරුන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී තිබෙනවා.
මෙකී හිමිවරුන් වෛද්‍ය ප්‍රථිකාර සදහා බුස්ස කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළා.
(Neth)