Friday, February 06, 2026
Follow Us
එන්නත ලබා ගත්තේ නැත්නම් දැනුම් දෙන්න

එන්නත ලබා ගන්න ගුරුවරු කරන්න ඕන දේ


යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යන කාර්යය මණ්ඩල සේවකයෙකු කොවිඩ් 19 එන්නත ලබා ගෙන නොමැති නම ඒ බව දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එන්නත ලබා නොගත් එවන් අය සිටී නම් තමා පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්න ලෙස අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් එන්නත්කරණ වැඩසටහන් මේ වන විට පලාත් මට්ටමින් සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

(Aruna)