Friday, February 06, 2026
Follow Us
කිරිපිටි ගෙන්වීම සීමා කරයි

කිරිපිටි ආනයනය 70% කින් පහළට


ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

ඒ අනුව කිරිපිටි ආනයනය සියයට 70 කින් පහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.

මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් පමණ වන අතර එය මසකට ටොන් 6,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතී.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව ආනයනකරුවන් සඳහන් කරයි.

(Aruna)