තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වෙයි
මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,917කි.
(20) සිදුව ඇති එම කොවිඩ් මරණ 47න් 21 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෙසු පුද්ගලයින් 33දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.
(Aruna)