Friday, February 06, 2026
Follow Us
හෙට ගෙන්වන සයිනොෆාම් එන්නත ලැබෙන දිස්ත්‍රික්ක

සයිනොෆාම් එන්නත් මිලියන 9.1ක් ලංකාවට ගෙන්නලා


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (22) දිනයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

හෙට දිනයේ ලැබෙන එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතය.

එමෙන්ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇත.

(Aruna)