Friday, February 06, 2026
Follow Us
මෙරට මාත්‍රා දෙකම ගත් පිරිස ලක්ෂ 17 ඉක්මවයි

මෙරට එන්නත්කරණය ගැන අනාවරණයක්


මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 17 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 1,710,341 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර එය මෙරට ජනගහනයෙන් සියයට 7.9ක ප්‍රතිශතයකි.

එමෙන්ම පුද්ගලයින් 6,120,659 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර එය ජනගහනයෙන් සියයට 28.4ක ප්‍රතිශතයකි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ(21) දිනයේ ද පුද්ගලයින් 257,033 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

(Aruna)