Friday, February 06, 2026
Follow Us
හික්කඩුවේ කොවිඩ් ආසාදිතයින් ඉහළට

හික්කඩුව මාදම්පාගම සහ දොඩම්දූව යන ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයින් 34දෙනෙකු හදුනාගෙන තිබේ.


එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ ඊයේ (20) දින එම ප්‍රදේශවල පුද්ගලයින් 113දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට යොමු කළ අතර, එහිදී එම ආසාදිතයින් හදුනාගත් බවයි.

එම ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයින් නිරන්තරයෙන් හදුනා ගැනීමත් සමග එම ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සිදුකර ඇත.

ඒ අනුව මාදම්පාගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 14දෙනෙකු සහ හික්කඩුව, දොඩම්දූව හා සීනිගම යන ප්‍රදේශවලින් ආසාදිතයින් 20දෙනෙකු හදුනා ගෙන තිබේ.

එම ආසාදිතයින් සියලුදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

 

(Aruna)