ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 35 දෙනකු පමණ මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළත් සත්‍ය ලෙසම හඳුනා ගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය 250 ක් පමණ විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
ඩෙල්ටා කොවිඩ් ව්‍යාප්තිය ගැන PHI සංගමය අනතුරු ඇඟවීම්
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ
එමනිසා කොවිඩ් – ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි දින කීපයේ වසංගතයක් ලෙස මෙරට පැතිර යාමේ අවදානමක් ඇති බව ද සඳහන් කරයි.
වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද සඳහන් කරයි.
මෙවැනි අවදානමක් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කාලයක සංචරණ සීමා ඉවත් කිරීමට වග කිව යුතු අංශ කටයුතු කිරීමත්, ජනතාව වගකීමකින් තොරව හැසිරීමත් කනගාටුදායක තත්ත්වයක්.
පවතින තත්ත්වය අනුව ඉදිරි කාලයේදී දරුවන් පවා මෙම ව්‍යසනයට ගොදුරු විය හැකියි.
ඒ සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.
මෙම තත්ත්වයේ බැරෑරුම් බව රජය මෙන්ම මහජනතාවද අවබෝධ කර ගත යුතු වනවා. දිනපතා වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා. වාර්තා වන කොවිඩ් මරණ ප්‍රමාණය අනුව ඇති අවදානම් තත්ත්වය මනාව අවබෝධ කර ගත යුතු බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
(Aruna)