Friday, February 06, 2026
Follow Us
ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ ...

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150ක් දක්වා අඩුකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150ක් වශයෙනුයි නියම කර ඇත්තේ.

මෑතකදී හඳුන්වා දුන් මෙම ගෑස් සිලින්ඩරයක මිල පැවතියේ රුපියල් 1395ක් වශයෙනි.

බරින් අඩු මෙම ගෑස් සිලින්ඩරය පසුගිය කාලය තුළ මහත් ගැටළුකාරී තත්වයන් උද්ගත කළ බැවින් එහි බර කිලෝ ග්‍රෑම් 9.5ක් වශයෙන් සටහන් කිරීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

(LNW)