Friday, February 06, 2026
Follow Us
13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපහරණය කළ විහාරාධිපති හිමිනමක් ඇතුළු 4ක් රිමාන්ඩ්

13 හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණු විහාරාධිපති හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය.

මෙසේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වී ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකි.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දැරියට දේව වරමක් ලබාදෙන බව පවසමින් ඇයව පැහැරගෙන ගොස් අපයෝජනය කර ඇති බවටයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරු වාර්තා වී ඇත්තේ.

(LNW)