Friday, February 06, 2026
Follow Us
සංවර්ධන නිලධාරී සේවා සංගමයෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

සංවර්ධන නිලධාරී සේවා සංගමය රට පුරා සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි උද්ඝෝෂණ මාලාවක් අද (19 වැනිදා) සිට පැවැත්වීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පවසයි.

කොවිඩ් අවදානම් දීමනාව, උසස් වීම් පටිපාටිය, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා මෙම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

එම ඉල්ලීම් මුල් කරගනිමින් (19 වැනිදා) කුරුණෑගල , (20 වැනිදා) බදුල්ල , (27 වැනිදා) රත්නපුර , (28 වැනිදා) අනුරාධපුරය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උද්ඝෝෂණ කිරීමට සූදානම් කර ඇති බව පැවසීය.

(Aruna)