Friday, February 06, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

ජූලි 17වනදා කොවිඩ් මරණ 46ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,779ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 46න් 30දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 16දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)