Friday, February 06, 2026
Follow Us
සත්වෝද්‍යානයේ තවත් සත්තුන්ට කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තොරතුරු ලැබී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මින් පෙර දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන ආ “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් ආසාදනය වී තිබුන අතර පසුව එම සිංහයා සමඟ කුඩුවේ සිටි සිංහ ධේනුවට ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගෙන තිබුණි.

(Aruna)