Friday, February 06, 2026
Follow Us
ප්‍රබල ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයෙන් කොළඹ මහ නගර සභා සිමාවට බලපෑම් එල්ලවෙයි

කොළඹ මහ නගර සභා සීමාවට, ප්‍රබල ව්‍යාප්තියක් ඇතැයි සැලකෙන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව කොළඹ 01 සිට 14 දක්වා ප්‍රදේශවලට එහි බලපෑම ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ 01, 02, 03, 05, 09 හා 14 යන ප්‍රදේශවලටයි. ඒ අතරින් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය හා බොරැල්ල ප්‍රධානයි.

ඛෙත්තාරාම ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමකින් ද ඩෙල්ටා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මීට අමතරව පිළියන්දල ප්‍රදේශයෙන් ද, ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇතැයි සඳහන්. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පැවසුවේ ඩෙල්ටා ආසාදිතයින් 11 දෙනෙකු ඉකුත් දා කොළඹ මහ නගර සභා සීමාව තුළින් වාර්තා වූ බවයි.

(Neth)