Friday, February 06, 2026
Follow Us
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් නිරෝධායනයට

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, ඔහුගේ කාර්යාලයේ සේවය කරන අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන්.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බැවින් ඔහු නිවසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

(Neth)