Sunday, September 21, 2025
Follow Us
කොතලාවල පනත් කෙටුම්පත අධ්‍යනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කමිටුවක්

කතාබහට ලක්ව ඇති කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය සිදුකර වාර්තාවක් සැකසීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය චමින්ද එපිටකඩුවගේ ප්‍රධානත්වයෙන්. එම වාර්තාව සතියක් තුළ සකස් කර අවසන් කිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය සදහන් කළේ.

මෙම පනත වෙනත් රටවල් හා සසඳමින් අදාළ වාර්තාව සකස් කිරීමටද අවධානය යොමුවී ඇති බව ඔහු සදහන් කළා.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත සම්මත වුවහොත් මතුවිය හැකි තත්ත්වයන් පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.

මෙම පනත සම්මත වී කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාදීමට අවස්ථාව හිමිවුවහොත් කුමන බලපෑමක් සිදුවන්නේද? ඒ සම්බන්ධයෙන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය කරුණු පැහැදිලි කළා.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් දින කිහිපයේදී විවිධ සංවිධාන මඟින් විරෝධතා ද පැවැත්වූවා.

 

(Neth)