Friday, February 06, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ආදායම් අහිමි වූ ධීවරයන්ට වන්දි ලබාදීම ඇරඹේ

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ආදායම් අහිමි වූ මෙරට ධීවර ජනතාව සදහා වන්දි මුදල් ලබා දීම අද ආරම්භ කෙරුණා. ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ නෞකාවේ රක්‍ෂණ සමාගම ගෙවීමට එකඟතාව පළ කළ අතුරු වන්දි මුදලෙන් රුපියල් මිලියන 420 කට ආසන්න මුදලක් එම ධීවර ජනතාව වෙත ලබාදෙන බවයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානියට අදාළව වන්දි ලබාගැනීම සදහා වූ තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්. එම සාකච්ඡාවට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු තවත් පිරිසක් එක්ව සිටින බවයි අධිකරණ අමාත්‍යාංශ්‍ය සදහන් කළේ.

(Neth)