Friday, February 06, 2026
Follow Us
බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 33 දෙනෙකුට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා බූස්ස බන්ධනාගාරයට යොමු කර සිටි රැදවියන් පිරිසකටයි මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

එම පිරිස ප්‍රතිකාර සදහා මාතර, වටරැක හා අගුණකොලපැලැස්ස බන්ධනාගාර වෙත යොමු කර තිබෙනවා.

(Neth)