Thursday, May 14, 2026
Follow Us
ලැම්ඩා ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වෙලා ද?

ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව ඇත්දැයි සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක් කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව එවැනි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

(Aruna)