Friday, February 06, 2026
Follow Us
15 හැවිරිදි දැරියව අපයෝජනය කළ පොලිස් නිලධාරීන් පිළිබඳ සාක්ෂි වට්ස් ඇප් ඔස්සේ මතුවෙයි

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබඳව ද සාක්ෂි අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මෙම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ පොලිසියේ විවිධ නිලතල දරණ පිරිසක් පිළිබඳ තොරතුරු මෙසේ හෙළිවී ඇත්තේ ඇයගේ ජංගම දුරකථනයේ වට්ස් ඇප් පණිවිඩ ඔස්සේ කළ විමර්ශනයකදී බව සඳහන්.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන්ව නුදුරේදීම අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මෙම සිද්ධියේ 12 වැනි සැකකරු වශයෙන් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු අත් අඩංගුවට පත්ව තිබුණු අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(LNW)