Friday, February 06, 2026
Follow Us
15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ තවත් වෙබ් ව්‍යාපාරිකයෙක් දැලේ

පහළොස් හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇතැයි කියන ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ (08 වැනිදා ) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ සරස්වතී වත්තේ පදිංචි මහේෂ් ඉන්ද්‍රජිත් නමැත්තෙකි.

ඔහු අන්තර්ජාලය මගින් දැන්වීම් ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක් බව පොලිසිය පවසයි.

වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ ද ඔහු බව අනාවරණය වී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 

(Aruna)