Sunday, September 21, 2025
Follow Us
සෞඛ්‍ය වර්ජනය අවසන්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 14 ක් අඛණ්ඩව සිදුකළ වර්ජනය නතර කර තිබේ.

එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් ඊයේ සිට එම වර්ජනය අරඹා තිබිණ.

මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පි.සී.ආර්. සහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, එම්. ආර්. ස්කෑන් සිදුකිරීම ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ලවී තිබුණි.

(Aruna)