Friday, February 06, 2026
Follow Us
දකුණු ආසියා කලාපයේ පළමු ෆයිසර් එන්නත් තොගය අද අලුයම දිවයිනට පැමිණේ

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26000ක තොගයක් අද අලුයම 5.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවී තිබේ.

මෙය දකුණු ආසියානු කලාපයේ රටකට ෆයිසර් එන්නත් ලැබුණු පළමු අවස්ථාව ලෙස සැලකේ.

එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ විශේෂිත ගබඩා සංකීර්ණයක තැන්පත් කිරීමට පියවර ගෙන ඇති අතර එම එන්නත් කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

(LNW)