Friday, February 06, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල්හි ප්ලාස්ටික් ඇට මල්ලක්ම අඟුලාන වෙරළට

පසුගියදා ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් මල්ලක් මොරටුව අඟුලාන වෙරළ තීරයට අද උදෑසන (4 වැනිදා) ගොඩ ගසා තිබුණි.

ඒ අතර කුඩා ප්ලාස්ටික් කැබලි බෝල වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක විසිරී ඇතැයිද අඟුලාන දකුණ ධීවර
සමිතියේ ලේකම් සනත් නන්දසිරි ප්‍රනාන්දු අරුණට පැවසීය.

මෙම ප්ලාස්ටික් මල්ල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීම සඳහා අඟුලාන පොලීසිය විසින්
රැගෙන ගොස් ඇත .

(Aruna)