Thursday, March 26, 2026
Follow Us
මාස දෙකකට පසු දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1262ක් දක්වා පහළට ...

ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1262ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1251 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින 11 දෙනෙකු වශයෙනි.

දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 1200 මට්ටමට පැමිණියේ මාස දෙකකට පමණ පසුය.

මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ප්‍රමාණය 264,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)