Friday, February 06, 2026
Follow Us
සෞඛ්‍ය වෘත්තීය සමිති තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ - හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මකයි. අද දිනයේ බලධාරීන්ගෙන් තමන්ට නිසි පිළිතුරක් නොලැබුණොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අතුරු වෛi සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා. මේ, එහි සභාපති උපුල් රෝහණ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ මෙම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේද සේවා රැසක් අඩාල වූ බවයි ඔහු සදහන් කළේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 07 න් 05 ක් සදහා කඩිනමින් විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

(Neth)