මෙරට සියලුම පාසල් ගුරුවරු ගුරුවරියන්ට කොවිඩ් මර්දන එන්නත එළඹෙන සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.
රට තුළ මේ වන විට සිටින ගුරුවරුන් සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් පන්දහසකට ආසන්න වේ.
මේ අතර පාසල් විවෘත කිරීමට පෙර ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
පළාත් හෝ දිස්ත්‍රික්ක අතර අවශ්‍ය වුවහොත් සංචරණ සීමා
එමෙන්ම පාසල් දරුවන්ට ද කොවිඩ් එන්නත ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.
(Aruna)